ඉරානයට එරෙහි යුද්ධය අතරතුර ගෝලීය බලශක්ති වෙළෙඳපොළ ස්ථාවරව පවත්වාගෙන යාමේ අරමුණින්, රුසියානු ඛනිජ තෙල් මිලදීගැනීම සම්බන්ධයෙන් අමෙරිකාව විසින් රටවලට පනවා තිබූ වාරණය තාවකාලිකව ඉවත්කිරීමට තීරණය කර තිබේ.
මේ වනවිට මුහුදේ යාත්‍රා කරන නෞකාවල පවතින රුසියානු බොරතෙල් සහ ඛනිජ තෙල් මිලදී ගැනීමට සිට රට එළැඹෙන අප්‍රේල් 11 වනදා දක්වා ලොවපුරා රටවලට අවසර ලබාදී ඇති බව අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
මීට පෙර අමෙරිකාව විසින් ඉන්දියානු පිරිපහදුකරුවන්ට ද රුසියානු තෙල් මිලදී ගැනීමට දින 30ක සහන කාලයක් ලබාදීමට කටයුතු කළේය.
ඒ අනුව ඉකුත් මාර්තු 5 වන දින අප්‍රේල් 3 වනදා දක්වා කාලය තුළ රුසියානු සමූහාණ්ඩුවට අයත් බොරතෙල් සහ ඛනිජ තෙල් නිෂ්පාදන ඉන්දියාව තුළ බෙදා හැරීමට සහ විකිණීමට අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ විදේශ වත්කම් පාලන කාර්යාලයෙන් අවසර ලබාදී ඇත.
Lanka Newsweek © 2026